Friday, June 3, 2011

කඳුලැලි පිසදා


To my Dearest Harin Lawantha.

verse 1

මා ලොවේ කඳුලැලි පිසලා
ඔබ ආවා මගේ දිවිය සරා
පෙර දාක හැන්දෑවේ
අප දෑත් එක්වුනා.
මල් මාවතේ පියමන් කලා
සිත ආදරෙන් සනසා එදා
නොදැනීම ඒ දිනේ
සොඳුරු ඔබ මගෙ වුනා.

Chorus 

තනිකම දුර ඈතට පාවෙලා
සිත ඔබේ ලඟම සැරිසරනවා
ජීවිතේ සුන්දරයි සිතෙනවා
සතුටු කඳුලැලි මගෙ නෙතින් වැටෙනවා.

Verse 2

සාගරේ රැලි ඔබ වගේ
හිස් අහසේ තරැකැන් වගේ
මතකයන් අද දිනේ
සනසාවි රෑ පුරා.
සඳ එලියේම ඔබ සොයා
සිත විමසාවි ලං වෙලා
මා දෑත් විහිදාලා
රකිමි ඔබ මගේ කියා.


Chorus 

තනිකම දුර ඈතට පාවෙලා
සිත ඔබේ ලඟම සැරිසරනවා
ජීවිතේ සුන්දරයි සිතෙනවා
සතුටු කඳුලැලි මගෙ නෙතින් වැටෙනවා.

3 comments:

  1. verse 1
    Chorus
    මෙහෙම දැම්මාම අවුල් වගේ නැද්ද ?

    ReplyDelete
  2. වචන විතරද?සංගීතේ නැද්ද?

    ReplyDelete
  3. නැහැනේ මේක කොහොමත් සින්දුවක් නිසා එහෙම තියෙන්න ඔනේ...
    ශාන්: මේකට ස්ංගීතයත් දාලා තියෙන්නේ...

    ReplyDelete