Friday, June 3, 2011

මා ඔබේයි



Verse 1

සැමදා මා මෙහි සිටියා
නෑ ඔබ මා දුටුවේ නෑ.
පැතුමන් මුතුවැල් අමුණා
ගීවැල් ගෙතුවා ඔබහා මා.
අහසේ තරු දුටුවේ නෑ
ඔබෙ නෙතු අග දිලුනේ රෑ
ඔය රුව සිත්තම් වීලා
මා ලොව වටා සැරුවා.

chorus

දෑත දී ඔබේ
සුමුදු සුව දැනේ
මා ඔබේයි දැන්
ඔබ මගෙයි.
සුවඳ දී ලොවේ
ඉඳින් හංසියේ
ඔබ මගේයි  දැන්
මා ඔබෙයි.

verse 2

හමුවන්නට ලතවූවා
ඔබ එනතුරු මඟ බලුවා
මතකෙන් ලොව ගිනිදල්වා
නෙතු මා කඳුලින් තෙමුවා.
ඔබ කොයිදෝ සැඟවීලා
ඔබෙ හසරැල් නෑ මැකිලා
මල් වැස්සේ තනිවීලා
ඉකි බිඳිමින් මා හැඬුවා.


chorus

දෑත දී ඔබේ
සුමුදු සුව දැනේ
මා ඔබේයි දැන්
ඔබ මගෙයි.
සුවඳ දී ලොවේ
ඉඳින් හංසියේ
ඔබ මගේයි  දැන්
මා ඔබෙයි.


Verse3

සඳ සිහිලෙන් නෑවීලා
සිත ඔබගේ තනිකරලා
නැත මා යන්නේ කිසිදා
නෙතු කඳුලින් ඔබ තෙමලා.
හිරු අහසේ පායාලා
තරු අතරේ ගී ගයලා
හසරැල් ඔබෙ කොපුල් පුරා
රඳවන්නම් මා සැමදා.


chorus

දෑත දී ඔබේ
සුමුදු සුව දැනේ
මා ඔබේයි දැන්
ඔබ මගෙයි.
සුවඳ දී ලොවේ
ඉඳින් හංසියේ
ඔබ මගේයි  දැන්
මා ඔබෙයි.

4 comments:

  1. WTB :P
    මරු..!
    දිගටම කරන් යන්න.. ජය වේවා..!! :-)

    ReplyDelete
  2. ලස්සනයි...දිගටම ලියන්න ..ජය ...

    ReplyDelete